Wednesday, September 4, 2013

සංයුක්ත තැටිය



සංයුක්ත තැටිය
Ref: විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

සංයුක්ත තැටිය නොහොත් සංගත තැටිය (සීඩී) යනු ආංකික (Digital) ක්‍රමයට දත්ත රැඳවා තබා ගතහැකි ප්‍රකාෂ තැටියකි. 1982 වසරේ දී සංයුක්ත තැටියක් මුල් වරට වෙළඳ පොළට එළිදැක්වූ අතර අද දක්වාම මේවා වාණිජ වශයෙන් සංගීතය පටිගත කිරිම සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි.

සාමාන්‍ය සංයුක්ත තැටියක් මි.මී. 120ක විශ්කම්භයකින් යුක්ත අතර එහි විනාඩි 80ක හඬ රඳවා තබා ගතහැකිය. මෙම තැටි වලට අමතරව මි.මී. 80 විශ්කම්භයකින් යුතු තරමක් කුඩා සංයුක්ත තැටි ද භාවිතයේ පවති. එහි විනාඩි 24ක හඬ රඳවා තබා ගතහැකිය.

මුල් කාළීනව හඬ පටිගත කිරීම සඳහා පමණක් භාවිතා කල සංයුක්ත තැටි පසුව දත්ත රඳවා ගැනීම සඳහා ද පරිගණක තාක්ෂණයේ දී භාවිතයට ගැනුනි. පරිගණකයකින් කියවිය හැකි සේ දත්ත ගබඩා කර තිබෙන සංයුක්ත තැටි CD-ROM ලෙසින් හඳුන්වයි. එක් වරක් පමණක් දත්ත ලිවිය හැකි සංයුක්ත තැටි CD-R ලෙස හඳුන්වන අතර නැවත නැවත දත්ත ලිවිය හැකි සංයුක්ත තැටි CD-RW ලෙස හඳුන්වයි.

මි.මී. 1.2ක ඝනකමින් හා ග්‍රැම් 16ක බරින් යුතු ඉතා පිරිසිඳු පොලිකාබෙන්ට් තැටියකින් සංයුක්ත තැටිය නිමවී ඇත. සංයුක්ත තැටියක් කියවීමේ දී ඒ මතට එල්ල වන ලේසර් කිරණ ධාරාව පරාවර්තණය කිරීම සඳහා මෙම පොලිකාබෙන්ට් තැටිය මත ඇලුමීනියම් තට්ටුවක් හෝ කලාතුරකින් රන් තට්ටුවක් හෝ අතුරා තිබේ. අවසානයේ ලැකර් තට්ටුවක් ඒ මත ආරක්ෂාව සඳහා අතුරනු ලබයි. සංයුක්ත තැටියක දත්ත ලිවීමේ දී සිදු කරනු ලබන්නේ පොලිකාබෙන්ට් තැටිය මත ඇසට නොපෙණෙන තරමේ ඉතා කුඩා ආවාට (Pits) ලෙස මෙම දත්ත, තැටියේ මැද සිට පිටතට සර්පිලාකාර පථයක් ලෙස සැකසීමයි.දත්ත ගබඩ කරන පත අතර දුර ආසන්න වශයෙන් මයික්‍රො මීටර් 1.6 ක් පමන වේ. ඒ මතට එල්ල වන කිරණ ධාරාව මගින් මෙහි ගබඩා වී ඇති දත්ත කියවනු ලැබේ.

Pit සහ land නිරූපණය pit උඩට සන land යටට සිටින ලෙස හෝ pit යටට සහ land උඩට සිටින ලෙස දැක්විය හැකිය. නමුත් බොහෝ විට පහත්(ආවාට) කොටස් pit ලෙස සැලකේ.
 
Pit => 1 සහ land=0 ලෙස සරලව නිරූපණය කළ හැකි වූවත් ප්‍රකාශ සංවේදීතාවය මත ඉහල යන(rising edges) සහ පහල යන(falling edges) අවස්තා අනුව 1 සහ 0 නිරූපණය වේ.
 






           

No comments:

Post a Comment